Version 2.0 is Here!

FuelMap Sri Lanka

තෙල් ගහන්න යන්න කලින් බලලා යන්න!

රස්තියාදු වීම් සහ ඉන්ධන නාස්තිය නවතා දමන්න! ශ්‍රී ලංකාව පුරා ඇති පිරවුම්හල් වල සජීවී තොරතුරු, පෝලිම් තත්ත්වය, මයිලේජ් ට්‍රැකර් සහ Leaderboard පහසුකම් සහිත අලුත්ම FuelMap Version 2.0 ඇප් එක අදම Download කරගන්න.

Download APK Now

100% Safe & Secure Download (v2.0.0)

FuelMap App Logo
img Inside the App

ඇප් එකේ Screenshots

Screen 1
Screen 2
Screen 3
Screen 4
Screen 5
Screen 6
Screen 7
Screen 8
Screen 9
Screen 10
Screen 11
Screen 12
img Key Features

ඇප් එකේ සුවිශේෂී පහසුකම්

ප්‍රමුඛතා පුවරුව (Leaderboard)

අලුත් පිරවුම්හල් සිතියමට එකතු කර ලකුණු 10ක් ද, තොරතුරු යාවත්කාලීන කර ලකුණු 5ක් ද ලබාගෙන Leaderboard එකේ පළමුවැනියා වන්න!

Refer & Earn (Promo Codes)

ඔබගේ අද්විතීය Promo Code එක යාලුවන්ට යවා, ඔවුන් ඇප් එකට එකතු වූ විට ඔබටත් යාලුවාටත් ලකුණු 20ක් බැගින් නොමිලේ ලබාගන්න.

මයිලේජ් ට්‍රැකර් (Mileage Tracker)

ඔබේ වාහනයේ තෙල් ගැසූ තොරතුරු සටහන් කර, වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව (km/L) සහ මුළු වියදම ඉතා පහසුවෙන් ගණනය කරගන්න.

Fake GPS ආරක්ෂාව (Anti-Spoofing)

ව්‍යාජ ස්ථාන (Mock Locations) භාවිතයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බැවින් දත්ත 100% ක් නිවැරදියි.

සජීවී සිතියම (Live Map)

Ceypetco, IOC සහ Sinopec පිරවුම්හල් 700 කට අධික ප්‍රමාණයක් නිවැරදි ස්ථානගත කිරීම් සහිතව එකම සිතියමකින් බලාගත හැක.

එසැණින් යාවත්කාලීන වේ

පිරවුම්හලක තෙල් අවසන් වූ විගස හෝ පෝලිම අඩු වූ විගස තත්පර ගණනක් ඇතුළත දත්ත සජීවීව (Live Update) වෙනස් වේ.

පෝලිමේ තත්ත්වය

තෙල් තිබුණත් පෝලිම දිගද? පිරවුම්හල වෙත යාමට පෙර පෝලිමක් නැද්ද, සාමාන්‍යද, දිගුද යන්න කලින්ම දැනගන්න.

නව පිරවුම්හල් ඇතුළත් කිරීම

දැනට පිරවුම්හල් 700ක් පමණ ඇති අතර, අලුත් ඒවා ඔබටද එක් කළ හැක! අදාළ ස්ථානයට ගොස් දකුණු පස ඉහළ මැප් අයිකනය අසල ඇති '+' අයිකනය ඔබන්න.

ඉන්ධන වර්ගය හරියටම

පෙට්‍රල් 92 ද, 95 ද, ඩීසල් ද නැතහොත් සුපර් ඩීසල් ද යන්න වෙන වෙනම සහ පැහැදිලිව වර්ණ මඟින් හඳුනාගැනීමේ හැකියාව.

සජීවී ඉන්ධන ගණක යන්ත්‍රය 🧮

එසැණින් ලැබෙන අලුත්ම මිල ගණන් අනුව ගණනය කිරීම් කරන්න පුළුවන්. රුපියල් ගාණ දුන්නම ලීටර් ගාණත්, ලීටර් ගාණ දුන්නම ගෙවිය යුතු මුදලත් ක්ෂණයකින් බලාගන්න.

ප්‍රියතම පිරවුම්හල් (Favorite Stations ⭐)

ඔබ නිතර යන හෝ තමන්ගේ ගමේ තියෙන පිරවුම්හල් 3ක් දක්වා "Favorite" ලැයිස්තුවට එකතු කරගන්න පුළුවන්. සිතියමේ ෂෙඩ් එකක් ක්ලික් කළාම එන නම අසල ඇති තරුව එබීමෙන් මේක කරගන්න.

එසැණින් ලැබෙන දැනුම්දීම් (Push Notifications 🔔)

ඔබ Favorite කරපු ෂෙඩ් එකකට තෙල් ආවා කියලා කවුරුහරි අප්ඩේට් කළොත්, ඒ වෙලාවෙම ඔබගේ ජංගම දුරකථනයට Notification එකක් මඟින් එසැණින් දැනුම් දෙනවා.

වර්ණ මඟින් තත්ත්වය හඳුනාගන්න

කොළ පැහැය

ඉන්ධන ඇති පිරවුම්හල්

රතු පැහැය

ඉන්ධන අවසන් වී ඇති පිරවුම්හල්

කහ පැහැය

තවමත් යාවත්කාලීන කර නොමැති පිරවුම්හල් (පළමුවෙන් update කරන කෙනා ඔබ විය හැක!)

ඇප් එක Install කරගන්නා ආකාරය

1
APK ෆයිල් එක Download කරන්න

පහළ ඇති රතු පැහැති "Download APK Now" බොත්තම ඔබා ඇප් එක ඔබගේ දුරකථනයට භාගත කරගන්න.

2
Unknown Sources On කරන්න

ඔබගේ Phone එකේ Settings > Security වෙත ගොස් "Install unknown apps" සඳහා අවසර ලබාදෙන්න (Allow from this source).

3
Install කර Open කරන්න

ඩවුන්ලෝඩ් වූ APK ෆයිල් එක මත Click කර Install කරගන්න. ඉන්පසු ඇප් එක Open කර ඔබගේ ගමන සැලසුම් කරන්න.

ඔබේ කාලයත්, මුදලුත් ඉතිරි කරගන්න. අදම FuelMap දාගන්න!

Download APK Now